My Ether Wallet කියන්නේ එතරම් කොයින් එක මුලික වෙලා හදපු wallet එකක්
ERC-20 Token Wallet එකක් කියලත් කියනවා මේකට 
ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම එයධ්‍රොප් , කොයින් ඔෆරින්, ෆ්‍රී ටෝකන්ස් දෙනකොට ඒවා තියාගන්න තැනක් ඕනිනේ
ඉතින් මෙහෙම වෙලාවට ගොඩක් අය භාවිතා කරන්නේ My Ether Wallet එක

මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි, ඒ නිසා හදන හැටි කියල දෙන්නම්

ඉස්සෙල්ලම ගිහින් රෙජිස්ටර් වෙන්න
https://www.myetherwallet.com

ඔතන පාස්වර්ඩ් එකක් දෙන්න , අනිවාර්යෙන් ලියල තියාගන්න ඕක..අමතක උනා කියල ඊමේල් රිකවරි නෑ

දැන් ඔය download keystore බොත්තම ඔබල දෙන ෆයිල් එක අරන් තියාගන්න, මොන හරි උනොත් ඕකෙන් තමා හදාගන්න වෙන්නේ
ඊට පස්සේ රතු පාට continue බොත්තම ඔබන්න

ඔය දෙන private key එක කාටවත් දෙන්නේ නැතුව අරන් තියාගන්න එකෙන් තමා ආයේ ලොග් වෙන්නේ
ඊට පස්සේ save එකෙන් ඉස්සරහට යන්න
හරි , දැන් වෝල්ට් එක හදල ඉවරයි

දැන් අපි ලොග් වෙලා බලමු
එකට යන්න https://www.myetherwallet.com/#send-transaction ලිපිනයට


ගිහිල්ල Private Key කියන ඔප්ෂන් එක තෝරලා අර කලින් සේව් කරගත්ත private key එක දිල අන්ලොක් ඔබන්න

ඔන්න දැන් වෝල්ට් එක ඇතුලේ ඉන්නේ
ඔයාලගේ වටිනාකම ඔතනින් බලන්න තියෙන්නේ
දැන් ආයේ ෆ්‍රී ටෝකන් දෙන තැනකින් ETH ඇඩ්රස් එකක් ඉල්ලුවොත් මේ තියෙන එක දෙන්න තියෙන්නේ

හරි එහෙනම්
ජයවේවා